අනුරගේ ආණ්ඩුව ප්‍ර දර් ශනාත්මක කොල්ලයක!
ප්‍රද ර් ශ නාත්මකව ලංකා විදුලි බල මණ්ඩලය අනීතිකව මුදල් එකතු කරන මහා පරිමාන ජාවාරමක් සිදු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසයි.
අප කළ විමසුමක දී ඒ මහතා මෙසේ ද කීය.
මේ අනුව ඉලෙක්ට්‍රොනික බැංකු කාඩ් පතකින් විදුලි බිල්පත් ගෙවීමේ දී ක ර් මා න්ත ශාලාවලින් හා (bulk supply) සෝලා වෙනුවෙන් කරන ගෙවීම් සඳහා සියයට 0.84 අමතර අය කර ගැනීමක් සිදු කිරීම මහ බැංකුවේ නීතිවලට පට හැ නි බව ද ඒ මහතා පැවසීය.
ඒ මහතා පසුගිය සිකුරාදා මේ බව මහ බංකු අධිපතිතුමාට හා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිට ලිඛිත පැමිණිල්ලක් සිදු කරමින් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර මෙසේ අනීතික ලෙස එකතු කර ඇති මුදල් මහජනතාවට නැවත ලබා දෙන මෙන් අප ඉල්ලිමක් සිදු කළ බව ද ඒ මහතා කීය.
මෙම අනීතිකව එකතු කර ඇති මුදල කොපමණ ද යන්න පැහැදිලි විස්තරයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක්ද අප සිදු කළ බවද ඒ මහතා කීය.
ළංවීම ප්‍රධාන කාර්යාලයේ ගෙවීම් කවුන්ටරයේ ද (ගෙවිම් කවුළුවේ) මේ මේ වන විටත් එසේ මුදල් අය කරන බව දැන්වීම් ප්‍රදර්ශනය කරමින් රජය ජනතාවගේ මුදල් මංකොල්ල කන බව හෙතෙම පවසයි.
මේ පිළිබඳ පැමිණිල්ල බාරගත් ලංවීම නියෝජ්‍ය මුදල් කළමනාකරු තුමිය වන දිනූෂා ලක්මාලී මහත්මිය පවසා ඇත්තේ ඇත්තේ මේ සඳහා අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් යොමු කරමින් මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
මාධ්‍යවේදී සිහින සංකල්ප


No comments:
Post a Comment