මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහ ආහාර හා ඖෂධ පරීක්ෂකරවරුන්ගේ වෘත්තීය ගැටළු විසදීමට පියවර - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහ ආහාර හා ඖෂධ පරීක්ෂකරවරුන්ගේ වෘත්තීය ගැටළු විසදීමට පියවර

 මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහ ආහාර හා ඖෂධ පරීක්ෂකරවරුන්ගේ වෘත්තීය ගැටළු විසදීමට පියවර! 





මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහ ආහාර හා ඖෂධ පරීක්ෂකරවරුන්ගේ වෘත්තීය ගැටළු විසදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක් මෙන්ම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂණ ක්‍රමවේදයක් සමගින් ශ්‍රී ලංකා  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ ගැටළු විසදීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අවධානය යොමු කරන බව ද ඒ මහතා කීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.
ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සිදු වන සේවාව ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම වැනි කරුණු අවධානය යොමු කරන බව ද ඒ මහතා කීය. 
ආහාරවල සුරක්ෂිතතාවය ඇති කිරීම සදහා මේ වන පවතින විවිධ තාක්ෂණික මෙන් ම ප්‍රායෝගික ගැටළු පිළිබදව වෘත්තීය සමිති නියෝජිතයින් දැක් වූ කරුණ මෙන්ම මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂණ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර මෙයට විසදුම් ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවසී ය. 
ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර සඳහා අවශ්‍ය කරන සම්පත් ලබා දීමට ද, නව රසායනාගාර ඇති කිරීම පිළිබඳ ව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරනු ලැබී ය.
සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටළු වලට කඩිනම් විසදුම් ලබා දීමෙන් ඔවුන් තෘප්තියට පත්වන බවත්, ඒ තුළින් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහි දී අවධාරණය කර සිටියේ ය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ, ලේකම් චමිල මුතුකුඩ, භාණ්ඩාගාරික ඩී.සී.දංගල්ල, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුරසිරි විජේමුණි, ලේකම් රොෂාන් ගුණසිංහ, භාණ්ඩාගාරික කපිල කීර්ති, ශ්‍රී ලංකා  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළුව වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ද  මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මාධ්‍යවේදී සිහින සංකල්ප

No comments:

Post a Comment


Post Top Ad