TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා | දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...!

HOT

Post Top Ad

රජ fm

ශ්‍රී ලංකා – ජපාන මිත්‍රත්ව සංවිධානයේ සහ මිත්‍රත්ව පාසලේ 20 වැනි සංවත්සර සැමරුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

October 02, 2026 0

 *ශ්‍රී ලංකා – ජපාන මිත්‍රත්ව සංවිධානයේ සහ මිත්‍රත්ව පාසලේ 20 වැනි සංවත්සර සැමරුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.*





අධ්‍යාපනය, ජපන් භාෂාව හා සංස්කෘතික සබඳතා ඔස්සේ දෙරටේ ජනතා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට...
කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානය (Japan Sri Lanka Friendship Society – JSFS) සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල ආරම්භ කර විසි වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 20 වැනි සංවත්සර සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ (01) කළුතර, පැනරෝමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතා ජනතා මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2006 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවැනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල, ජපන් භාෂා අධ්‍යාපනය මෙන්ම දෙරටේ භාෂා හා සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම සඳහා විසි වසරක් පුරා අඛණ්ඩ දායකත්වයක් ලබාදී තිබේ.
ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ භාෂා ප්‍රවීණතාව වර්ධනය කිරීම සඳහා පාසල මඟින් විධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, JLPT (N5, N4 සහ N3) සහ NAT වැනි ජපන් භාෂා ප්‍රවීණතා විභාග ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා දේශීය හා ජපන් ජාතික ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබයි.
මීට සමගාමීව ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ සිසු සිසුවියන් හා දෙමාපියන් දැනුවත් කිරීම, අදාළ අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සහ එම අවස්ථා වෙත යොමුවීමට අවශ්‍ය උපදේශන හා මඟපෙන්වීම් ලබාදීමද සංවිධානය හා පාසල මඟින් සිදුකරනු ලබයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, 2006 වර්ෂයේ සිට මේ දක්වා සිසු සිසුවියන් 475කට අධික පිරිසක් ජපානයේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය මහරගම සෝමරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ජනතා සබඳතා සිහිපත් කරමින්, මෙරට සංවර්ධනය වෙනුවෙන් ජපාන රජය සහ ජපාන ජනතාව විසින් දීර්ඝ කාලයක් පුරා ලබාදී ඇති සහයෝගය හා පරිත්‍යාගයන් අගය කළේය.
විශේෂයෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජපාන රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපනය හා ජනතා සබඳතා ඔස්සේ දෙරට අතර අවබෝධය වර්ධනය කිරීමට පූජ්‍ය මහරගම සෝමරතන නාහිමියන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවරද අගය කළේය.
නව පරපුරේ අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකාව හා ජපානය අතර ගොඩනැගී ඇති සබඳතා අනාගත පරපුර වෙත ශක්තිමත් පදනමක් මත ඉදිරියට ගෙන යාම සඳහා මෙවැනි අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරීමද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
විසි වසරක අධ්‍යාපනික හා සංස්කෘතික මෙහෙවර සනිටුහන් කළ මෙම සංවත්සර සැමරුම, ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින මිත්‍රත්වය නව පරපුර සමඟ තවදුරටත් ගොඩනැගීමටත්, දෙරටේ ජනතාව අතර අවබෝධය හා සහයෝගිතාව අනාගතයට ශක්තිමත් පදනමක් මත ගෙන යාමටත් දායක වන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන පත්මකුමාර,  ජගත් පින්නගොඩ විතාන, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ජපාන දූත පිරිසක්, ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසලේ  ආචාර්යවරුන්, සිසු සිසුවියන්, දෙමාපියන් ඇතුලු  පිරිසක් එක්ව සිටියහ.
 
 


Read More

ජඩ බදු විරෝධී කොළඹ පාගමන

October 02, 2026 0

 " ඔක්තෝබර් 03 දින ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරනු ලබන  " ජඩ බදු විරෝධී කොළඹ පාගමන" සම්බන්ද දැනුවත් කෙරෙන ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අද( 2026. 10. 02 ) දින් උදේ 10.00ට නුගේගොඩදී  පවත්වන ලදී.




එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
" අපි ජන අරගල ව්‍යාපාරය විදිහට හෙට දවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් පටන් ගන්න දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරනවා. අපි දන්නවා මේ වෙද්දි රටේ සාමාන්‍යෙ ජනතාව මත විශාල බදු බරක් පැටවිලා තියනවා. හැබැයි මේ බදු ප්‍රශ්නය ගැන ආණ්ඩුවවත් පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත විපක්ෂයවත් කටක් අරින්නේ නැහැ. විපක්ෂෙ මේ වෙලාවේ ඉන්නේ සිල්ලර සටන්පාඨවල. ඒගොල්ලො ජනතාවගේ බදු ප්‍රශ්නය වගේ සඨන් පාඨ උස්සන්න බලාගෙන ඉන්නේ ඡන්දයක් එන කාලෙදි විතරයි. ඡන්දෙන් වාසි ගන්න විතරක් ජනතාවගේ සඨන් පාඨ පාවිච්චි කරන දූෂිත විපක්ෂයක් ගැන මේ රටේ ජනතාවට වෙන සෙතක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි ජන අරගල ව්‍යාපාරය විදිහට තීරණය කළේ ජනතාවගේ කුස්සියේ ප්‍රශ්නය, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය ඉදිරියට ගන්න ඕන කියලා.

අපි දැක්කා ඡන්දෙට කලින් අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල වේදානාවෙන් කතාකරනවා ඉගෙන ගන්න දරුවන්ගේ පොතට පෑනට පවා මේ ආණ්ඩු බදු ගහනවා. මේක ලැජ්ජ නැති වැඩක් කියලා. ඔහු පොරොන්දු වුණා බලයට ආව ගමන් අධ්‍යාපන උපකරණවලට ගහපු බදු වහාම ඉවත් කරනවා කියලා. එහෙම කියපු අනුර කුමාර ජනාධිපතිවරයා දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලින් විශාල බද්දක් හූරගෙන කනවා. අද අම්මලට තාත්තලට තමන්ගේ දරුවා ඉස්කෝලේ යවාගන්න විදිහක් නැහැ. ඇයි ? පෑනේ පැන්සලේ ඉඳලා ඉස්කෝලේ නඩත්තු වියදම් වෙනවකං දරාගන්න බැරි තරම් විශාල බද්දක් ජනතාව මත පැටවිලා.
කන බත් පතට බදු ගහන්නෑ කියලා බලය ගත්ත ආණ්ඩුව අද හාල් ඇටේ පරිප්පු ඇටේ ඉඳලා බදු ගහලා මිනිස්සුන්ව හූරගෙන කනවා. සෞඛය අමාත්‍යංශයේ වාර්තා කියනවා රටේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැහැ කියලා. 
හාල්මැස්සෝ කිලෝ එකකට රුපියල් 100ක බද්දක් ගහලා. කුකුල් මස් කිලෝවකට රුපියල් 310ක් බදු ගහලා. බිත්තරේකට රුපියල් 11ක බද්දක් අය වෙනවා. ඉතින් කොහොමද ප්‍රෝටීන් අවශ්‍යතවයක් සැපිරෙන්නෙ ? මාළු කෑල්ලක් බිත්තරයක් එක්ක උදේට බත් ටිකක් කවලා තවන්ගේ ළමයව ඉස්කෝලෙට යවාගන්න අම්මලට පුලුවන් කමක් නැහැ. 
අපි පොඩිකාලේ බලපු රොබින් හුඩ් කතාවේ තියනවා නොටින්හෑම් කියලා නගරයක්. ඒකෙ හිටපු ෂෙරිප් ජනතාව මත බදු ගහලා බදු ගහලා මිනිස්සුන්ට පාං කියාගන්න බැරි තත්වයට පත් කළා. ඊටපස්සෙ තමයි රොබින් හුඩ්ලා වගේ අයට සංවිධානය වෙලා ලොකු ලොක්කන්ගෙන් හොරකම් කරලා සාමාන්‍යෙ ජනතාවට දේවල් බෙදන්න වුණේ. දැන් මේ ආණ්ඩුව බලයට එනකොට ආවේ රොබින් හුඩ්ලා වගේ. හැබැයි දැන් මේගොල්ලො රඟපාන්නේ නොටින්හෑම්වල ෂෙරීප් ගේ භූමිකාව. 
අපි මේ බදු ප්‍රශ්නය ගැන කතාකරනකොට සමහරු කියනවා අපි කොහොමත් බදු ගෙවන්න ඕනලු. මේරටේ මිනිස්සු දැනටත් බදු ගෙවනවා. හැබැයි අපි කියන්නේ බදු ගෙවනවා කියලා බෙල්ල මුලටම හිරවෙන්න ජනතාවට බැහැ. ත්‍රීවිල් එකක් දුවලා ගන්න හයර් එක හවස ගෙදර එනකොට පොඩි එකාට කිරිපිටි එකක් ගන්නවත් ප්‍රමාණවත් නැත්තම් මොකද්ද ඒ ජීවිතේ ? තමන් වවපු එළවලුවක් පොළට හෙනිහින් විකුණලා ගන්න සල්ලියෙන් හාල් කිලෝවක් පොළ් ගෙඩියක් ගන්න බැරි නම් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ ? ජනතාව මත මෙහෙම විශාල බදු බරක් පැටවෙද්දි චෞර ධනකුවේර වළල්ලක් විශාල බදු සහනයක් ලබනවා. අපි දන්නවා මහබැංකුව මේ හොරු රැළගේ බැඳුම්කරවලට 33%ක විතර විශාල පොලී ප්‍රතිශත ගෙවනවා. මේවා ගෙවන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන් හූරගන්න බදු සල්ලිවලින්. මෙහෙම පොඩි මිනිහගෙන් උදුරගෙන ධනකුවේරයන්ට සහන දෙන ආණ්ඩුවක් කොහොමද ජනතාවාදී ආණ්ඩුවක් වෙන්නේ ?

                ඒ නිසා මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී න්‍යායපත්‍රය දැන් හොඳටම පැහැදිලියි. විපක්ෂයට මේ වැඩපිළිවෙළ ගැන ගාණක් නැහැ. මොකද ඔවුන් බලයට ආවත් කරන්නේ මේ ටිකම තමයි. දැන් ආණ්ඩුව විපක්ෂය, IMF එක ඇතුළු සියලු පාර්ශව එක පිලකට ඇවිල්ලා ඊලග අයවැයෙන් මිසයිල, කාල තුවක්කු මේ රටේ දුප්පත් ජනතාවගේ පැත්තට එවන්න සූදානම් වෙලා ඉන්නවා. අන්න ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න ජනතාව සංවිධානය විය යුතුයි. අපි හිතනවා මහපාරෙ අරගලය හැරෙන්න ජනතාවට වෙන වසඳුමක් නැහැ කියලා. අන්න ඒ නිසා  හෙට ඔක්තෝබර් 3වෙනිදා බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පවත්වන දැවැන්ත විරෝධතා පාගමනට එන්න කියලා මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා.


මාධ්‍යවේදී සිහින සංකල්ප
Read More

EL Nino හි වත්මන් තත්ත්වය

September 27, 2026 0

 එල් නිනෝ හි වත්මන් තත්ත්වය



වර්තමානයේදී එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වී ඇති අතර ඒවා දුර්වල මට්ටමක පවතින බවට වර්ගීකරණය කර ඇත. 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ ඉතා ප්‍රබල එල් නිනෝ සිදුවීමක් වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බව පුරෝකථන මගින් පෙන්නුම් කෙරේ. ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයට (NOAA) අනුව, එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල තීව්‍රතාවයකට වඩා අඩු මට්ටමක පැවතීමට ආසන්න වශයෙන් තුනෙන් එකක සම්භාවිතාවක් පවතී.
එල් නිනෝ හා සම්බන්ධ සාමාන්‍ය දේශගුණික තත්ත්වයන්
1950 සහ 2025 අතර කාලය තුළ සිදුවූ එල් නිනෝ සිදුවීම් පිළිබඳ විශ්ලේෂණයන් මත පදනම්ව:
ජූලි සහ අගෝස්තු මාසවලදී, විශේෂයෙන්ම වියළි කලාපීය ප්‍රදේශවල වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා අඩු විය හැක.
ඔක්තෝබර් මාසයේ සිට ඉදිරියට, වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා වැඩි වනු ඇතැයි සාමාන්‍යයෙන් අපේක්ෂා කෙරේ.
ධනාත්මක ඉන්දියන් සාගර ද්විධ්‍රැව (IOD) තත්ත්වයක් වර්ධනය වුවහොත්, වැඩි වර්ෂාපතන තත්ත්වයන් දෙසැම්බර් මාසය දක්වා පැවතිය හැක.
ජූලි සහ අගෝස්තු මාසවලදී ජල සම්පත් කළමනාකරණය සඳහා සුදුසු පියවර ගත යුතුය.
ඔක්තෝබර් මාසයේ සිට අපේක්ෂා කරන වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බැවින්, ඒ සඳහා සූදානම සහ සමීප නිරීක්ෂණය අවශ්‍ය වේ. කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, සත්ව පාලනය, සෞඛ්‍ය, බලශක්ති සහ දේශගුණයට සංවේදී වෙනත් අංශ වැනි ක්ෂේත්‍ර සඳහා මෙම පුරෝකථන වැදගත් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල තොරතුරු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

Read More

CSN සංඛ්‍යාතයෙන් එන ‘මාතා ටීවී’ මෙහෙයුම!

September 27, 2026 0

 CSN සංඛ්‍යාතයෙන් එන ‘මාතා ටීවී’ මෙහෙයුම!





රුපියල් බිලියන 5.7ක ඩීල් එක සහ වැසී ගිය අතීතයේ කළු සෙවනැලි!
සමස්ත ලෝකයම අධික පිරිවැයක් දරන සාම්ප්‍රදායික රූපවාහිනී සංඛ්‍යාත (TV Frequencies) අත්හරිමින් ඩිජිටල් මාධ්‍ය අවකාශය වෙත වේගයෙන් සංක්‍රමණය වෙමින් සිටින යුගයක, ශ්‍රී ලංකාව තුළ අතිශය සැකකටයුතු සහ ආන්දෝලනාත්මක මාධ්‍ය මෙහෙයුමක් කරළියට පැමිණ තිබේ.  
ඒ, මීට පෙර දේශපාලන බලහත්කාරකම්, මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ (Money Laundering) චෝදනා හමුවේ වැසී ගිය කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) නාලිකාවට අයත් සංඛ්‍යාත ඔස්සේ 'මාතා ටීවී' (Matha TV) නමින් නව නාලිකාවක් විකාශනය කිරීමට දරන උත්සාහයයි.   
මෙම මෙහෙයුම පිටුපස සිටින්නේ 'Agro Ventures' නම් සැකකටයුතු වගා ආයෝජන ජාලයට අනුබද්ධිත 'බිස්නස් මීඩියා ඉන්ටර් නැෂනල්' (Business Media International) නම් සමාගමයි.   
රුපියල් බිලියන 5.7ක ගණිතමය ආශ්චර්යය!
මෙම මාධ්‍ය ගනුදෙනුවේ ඇති මූල්‍යමය පරිමාණය සහ බරපතළකම පැහැදිලි වන්නේ එහි සංඛ්‍යාත්මක දත්ත දෙස බලන විටය:   මාසික බදු කුලිය: රුපියල් මිලියන 23.8   වසර 1ක කුලිය: රුපියල් මිලියන 285.6   වසර 20ක දීර්ඝකාලීන බදු මුදල: රුපියල් බිලියන 5.71ක් (රුපියල් කෝටි 571කට අධිකයි)   සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන පරිදි, මෙම ගනුදෙනුවෙන් 50%ක ප්‍රතිලාභයක් යෝෂිත රාජපක්ෂ වෙත ගලා යන්නේ නම්:   මාසිකව: රුපියල් මිලියන 11.9ක්   වසර 20ක සමස්ත මුදල: රුපියල් බිලියන 2.85ක (කෝටි 285ක) දැවැන්ත ධනස්කන්ධයක්   මුළු ශ්‍රී ලංකාවටම වාර්ෂිකව වැනිලා අපනයනයෙන් ලැබෙන සමස්ත ආදායමම රුපියල් කෝටි 35ක් පමණක් වන වටපිටාවක, හුදෙක් රූපවාහිනී සංඛ්‍යාතයක බද්දට පමණක් රුපියල් බිලියන 5.7ක් විසි කිරීමට තරම් මුදල් උල්පත් පාදාගත්තේ කෙසේද යන්න රටට හෙළිදරව් විය යුතුය.   අනාවරණය වන ප්‍රධාන ගැටලු සහ අභියෝග 3ක්1. 
මහ බැංකු තහංචි මැද ගලා එන මේ මුදල් කාගේද?නියාමනය නොවන වගා ආයෝජන (Plantation Schemes) වංචා පිළිබඳව මහ බැංකුව දිගින් දිගටම අනතුරු අඟවා ඇති අතර, මහජන මුදල් තැන්පතු ලෙස එකතු කරගත් එවැනි ආයතන කිහිපයකම බැංකු ගිණුම් අත්හිටුවීමට (Freeze කිරීමට) ද පියවර ගෙන ඇත. එවන් පසුබිමක 'මාතා ටීවී' සහ Agro Ventures පිටුපස කැරකෙන මහා ධනස්කන්ධය අයිතිකරුගේ තනි පෞද්ගලික ආයෝජනද, නැතහොත් අහිංසක තැන්පත්කරුවන්ගේ අනාරක්ෂිත මුදල්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවේ.   
TRCSL සංඛ්‍යාත 'Sub-lease' දීමේ නීතිමය පදනම කුමක්ද?විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මගින් නිකුත් කරන සංඛ්‍යාත යනු රජයේ පොදු මහජන දේපළකි. අක්‍රිය වූ CSN නාලිකාවට ලබාදුන් රජයේ සංඛ්‍යාතයක්, විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව (Open Tender) බාහිර තෙවන පාර්ශ්වයකට වසර 20කට බදු දීමට (Sub-lease) නීත්‍යානුකූල ඉඩක් තිබේද?   
ප්‍රමුඛ මාධ්‍ය වැටෙද්දී 'වැනිලා වගාකරුවන්ට' මාධ්‍ය නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද?රටේ දැවැන්ත මාධ්‍ය ජාල පවා ආර්ථික අර්බුදය හමුවේ ආදායම් අහිමිව සේවකයන් කප්පාදු කරද්දී, වැනිලා කිලෝවක්වත් විකුණාගත නොහැකි පසුබිමක 'වගාකරුවෙකු' මෙවැනි බිලියන ගණනක මාධ්‍ය ව්‍යාපෘතියක් පවත්වාගෙන යන්නේ කුමන යටි අරමුණකින්ද යන්න විමර්ශනය විය යුතුය.   
අල්ලස සහ දූෂණයට එරෙහි පුරවැසි බලයේ මැදිහත්වීමමේ අතර, "අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය" සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් 2026 සැප්තැම්බර් (28 වන දින)  ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වලින් උපයාගත් දේපළ විමර්ශන කොට්ඨාසයේ (PCID) නියෝජ්‍ය පොලිස්පති / අධ්‍යක්ෂ ජෙනරාල් අසංක කරවිට මහතා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.   
එම පැමිණිල්ල මගින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටී:   
CSNහි සැබෑ හිමිකාරිත්වය: වර්තමාන සහ හිටපු කොටස්කරුවන්, අධ්‍යක්ෂවරුන් සහ සමාගම පිටුපස සිටින අවසාන ප්‍රතිලාභීන් (Beneficial Owners) හඳුනාගැනීම.   
වත්කම්, බැරකම් සහ බැංකු ගිණුම්: CSN ආයතනයේ වත්කම්, බැරකම් සහ ඒවාට අදාළ ප්‍රධාන බැංකු ගනුදෙනු පරීක්ෂා කිරීම.   මුදල් මූලාශ්‍රය: CSN වෙත ලැබුණු විශාල මුදල්වල මූලාශ්‍රය සහ එම මුදල් වෙනත් පාර්ශ්ව වෙත මාරු වී තිබේදැයි සොයා බැලීම.   නව ගනුදෙනුවේ නීත්‍යානුකූලභාවය: CSN සංඛ්‍යාත තෙවන පාර්ශ්වයකට ලබාදීමේ ගනුදෙනුව සඳහා භාවිතා වන රුපියල් බිලියන ගණනක මුදල්වල නීත්‍යානුකූලභාවය සහ එහි අවසාන ප්‍රතිලාභියා කවුදැයි තහවුරු කිරීම.   
රජයේ සහ මහජනතාවගේ පොදු දේපළක් වන රූපවාහිනී සංඛ්‍යාත, පැරණි දේශපාලන බලපෑම් හෝ මූල්‍ය ජාවාරම් හරහා නැවතත් අඳුරු ගනුදෙනුවලට යටපත් වීමට ඉඩ නොදිය යුතුය. 
මෙම රුපියල් බිලියන 5.7ක ‘මාතා ටීවී’ මෙහෙයුම පිටුපස ඇති සැබෑ මුදල් මූලාශ්‍ර සහ නීතිමය පදනම පිළිබඳව ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් සිදුකර රටට සත්‍යය හෙළිදරව් කිරීම වගකිවයුතු බලධාරීන්ගේ පරම යුතුකමකි.

Read More

ජනතාව ප්‍රේක්ෂකයන් නෙවෙයි; රටක සැබෑ බලය පරමාධිපත්‍යයයි

September 27, 2026 0

 රට වෙනස් කිරීමට නීතිය මෙන්ම ආකල්ප සහ වගකීම්ද වෙනස් විය යුතුයි!



ආචාර්ය ලක්මිණ බණ්ඩාරනායක කියයි
 "ජනතාව ප්‍රේක්ෂකයන් නෙවෙයි; රටක සැබෑ බලය පරමාධිපත්‍යයයි"
රටක් වෙනස් වන්නේ නීති සම්පාදනය කිරීමෙන් පමණක් නොව, සමස්ත සමාජයේම ආකල්ප හා වගකීම්වල ඇති වන ප්‍රායෝගික වෙනසකින් බව ආචාර්ය ලක්මිණ බණ්ඩාරනායක මහතා අවධාරණය කරයි. 
රටක සැබෑ ශක්තිය මිනිය හැක්කේ භෞතික සංවර්ධනයෙන් හෝ ආර්ථික සංඛ්‍යා ලේඛනවලින් පමණක් නොවන බවත්, නීතියට ගරු කරන ජනතාවක් හා වගකීම්සහගත රාජ්‍ය සේවයක් තුළින් බවත් හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව පරමාධිපත්‍ය බලය හිමි ජනතාව රාජ්‍ය පාලනයේ හුදෙක් ප්‍රේක්ෂකයන් නොවන බව සඳහන් කළ ඒ මහතා අයිතිවාසිකම් මෙන්ම වගකීම් ඉටු කිරීමද පුරවැසියාගේ වගකීමක් බව පැවසීය. 
නීතිය තමන්ට අවාසි සහගත අවස්ථාවලදී පවා ඊට ගරු කිරීම, අල්ලස හා දූෂණය පිටුදැකීම සහ අනාගත පරපුරට යහපත් ගුණධර්ම දායාද කිරීම පුරවැසි වගකීමකි.
එසේම රාජ්‍ය සේවකයා යනු ජනතාවට බලය පෙන්වන්නෙකු නොව, ජනතා බදු මුදලින් වැටුප් ලබන සේවකයෙකු බව මතක තබා ගත යුතුය. දුප්පත්-පොහොසත් හෝ බලවත්-දුබල භේදයකින් තොරව නීතිය ඉදිරියේ සැමට එක හා සමාන ගෞරවයක් හා සාධාරණ සේවාවක් හිමි විය යුතු බව ආචාර්ය බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.
"අපට අවශ්‍ය වන්නේ බලවතුන්ට පමණක් නොව, සාමාන්‍ය පුරවැසියාටද බියෙන් තොරව ගෞරවයෙන් ජීවත් විය හැකි රටකි. රට වෙනස් කිරීමේ වගකීම තනි පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පමණක් කළ නොහැක. අප සියලු දෙනාම එකමුතුව වගකීම් ඉටු කළ විට පමණක් 'හොඳ රටක්' යන්න දෛනික සැබෑ අත්දැකීමක් බවට පත් කරගත හැකිය," යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

කෘතිම බුද්ධියේ නව බල පෙරළිය මෙන්න Meta සමාගමේ "Muse" Chat Gpt අභිබවා යයි.

September 24, 2026 0

 කෘතිම බුද්ධියේ නව බල පෙරළිය මෙන්න Meta සමාගමේ "Muse" Chat Gpt  අභිබවා යයි. 




ලොව පුරා කෘතිම බුද්ධි (Al) තාක්ෂණ තරගය අලුත් වටයකින් උණුසුම් කරමින්, Meta සමාගම මගින් අලුතින් හඳුන්වා දුන් 'Muse' Al මාදිලිය, මෙතෙක් ක්ෂේත්‍රයේ පෙරමුණේ පසුවූ OpenAI සමාගමේ ChatGPT අභිබවා යාමට සමත්ව තිබේ. තාක්ෂණික කාර්යක්ෂමතාව, වේගවත් බව සහ සංකීර්ණ දත්ත විශ්ලේෂණය අතින් Muse හි ඇති ඉහළ හැකියාව මෙලෙස එය ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබීමට ප්‍රධාන හේතුව වී ඇත.
පරිශීලකයන් ලබාදෙන විධානයන් වඩාත් නිරවද්‍යව සහ ස්වාභාවික භාෂා රටාවකට අනුකූලව වටහාගැනීමට Muse සමත් බව තාක්ෂණික විචාරකයෝ පවසති. 
විශේෂයෙන්ම කෘතිම බුද්ධිය AI වෙත ලබා දෙන තොරතුරු මත (Text, Image, Audio) එකවර හසුරුවමින් ක්ෂණික පිළිතුරු ලබාදීමේ හැකියාව මෙන්ම පහසු 92 (User Interface) හේතුවෙන් ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල අවධානයක් මේ වන විට Muse වෙත යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ Meta සමාගම සතු විශාල පරිශීලක පදනමද මෙම නව යෙදුමේ වේගවත් ව්‍යාප්තියට සෘජුවම බලපා ඇති බවයි. Meta සමාගමේ මෙම නව පිම්ම හමුවේ OpenAI ඇතුළු තාක්ෂණික සමාගම් ඉදිරියේදී සිය Al තාක්ෂණික හැකියාවන් තවදුරටත් යාවත්කාලීන කිරීමට පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම යෙදුම Apple Store හි නොමිලේ ලබා ගත හැකි ජනප්‍රියම යෙදුම බවට පත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යෙදුමට ලබා දෙන අවසරයන් පාලනය කිරීමේ සම්පූර්ණ පාලන බලය පරිශීලකයා සතුව පවතී.

Read More

Post Top Ad