කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලා ප්‍රදර්ශනය - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලා ප්‍රදර්ශනය

 

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලා ප්‍රදර්ශනය




චීන ශ්‍රී ලංකා සංස්කෘතික මිත්‍රත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් කොළඹ 07 චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී චීනයෝද පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලාප දර්ශනය විවෘත විය. අති නවීන තාක්ෂණය , කෘතිම බුද්ධිය සහ පාරිසරික ස්වාභාවික අංශ වලද සංකලනයන් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය මෙරට පාසල් දරුවන් සඳහා නවමු අත්දැකීමකි.
ප්‍රදර්ශනය නරඹන අයට පැන්ඩාවකු සමග ඡායාරූප ගැනීමටත්, තමන් වර්ණ ගැන්වූ චිත්‍ර ඩිජිටල් වනාන්තරයක සජීවිකරණය වන අයුරු දැකගැනීමටත්, පැන්ඩාවන්ට ආහාර ලබාදීමටත් අවස්ථාව ලැබෙනු ඇත. ඉතා විනෝද ජනක ඩිජිටල් අත්දැකීම් කිහිපයක් මෙහිදී ජීවිතයට එකතු කරගත හැකිය.
මෙම ප්‍රදර්ශනය 2027 වසරේ ජූනි මස දක්වා පැවැත්වෙන අතර සෑම සතියකම බ්‍රහස්පතින්දා දින පස්වරු 3.00 සිට නැරඹිය හැකිය. ඒ සඳහා 0713976597 යන දුරකථන අංකය ඇමතීමෙන් වේලාවක් වෙන්කරවා ගත හැකිය.

No comments:

Post a Comment


Post Top Ad