45 වන ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික තරගාවලි 08ක් සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කලාත්මක, සාහිත්‍යමය, නිර්මාණාත්මක හා නවෝත්පාදන කුසලතා ජාතික මට්ටමින් හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 08ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවයි.
මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 15 සිට 29 දක්වා වූ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි අතර, රට පුරා සිටින දක්ෂතා ඇති තරුණ පිරිසට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ජාතික මට්ටමේ ඇගයීමක් ලබා ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවකි.
මෙවර තරගාවලිය යටතේ "Melody" සංගීත තරගාවලිය, "Steps" නර්තන තරගාවලිය, "Young Voices" කථික හා නිවේදන තරගාවලිය, "NovaMind" කෘතිම බුද්ධි (AI) නිර්මාණ තරගාවලිය, "Inkspire" සාහිත්‍ය තරගාවලිය, "Shutter Stories" ඡායාරූප තරගාවලිය, "Dream Canvas" චිත්‍ර තරගාවලිය සහ "Beyond Limits" ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වූ විශේෂ තරගාවලිය ඇතුළත් වේ.
අයදුම් කිරීම
අයදුම්කරුවන් 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
ලියාපදිංචිය අවසන් වූ පසු ලැබෙන ලියාපදිංචි විස්තර සහිත පෝරමය තරග පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන පැමිණිය යුතු අතර, නිර්මාණ භාරදිය යුතු තරග සඳහා එම පෝරමය සමඟ නිර්මාණ 2026 සැප්තැම්බර් 10 දිනට පෙර ජාතික තරුණ සේවා සභාව, මහරගම ප්‍රධාන කාර්යාලයේ සෞන්දර්ය කුසලතා අංශයට භාරදිය යුතුය.
තරග කාලසටහන
අයදුම්පත් භාර ගැනීම – 2026 ජූනි 20 සිට ජූලි 30 දක්වා
ප්‍රාදේශීය තරග – 2026 අගෝස්තු 01 සිට අගෝස්තු 30 දක්වා
දිස්ත්‍රික් තරග – 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වා
නිර්මාණ භාරදීමේ අවසන් දිනය – 2026 සැප්තැම්බර් 10
ජාතික තරග – 2026 ඔක්තෝබර් 01 සිට නොවැම්බර් 30 දක්වා
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ට 45 වන ජාතික යෞවන සම්මාන උළෙලේදී ජාතික සම්මාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.
ප්‍රථම වතාවට දිස්ත්‍රික් මට්ටමින් තරග පවත්වා, දිස්ත්‍රික් 25ට සම්මාන උළෙල 25ක් පවත්වා , ජාතික සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතය.
වැඩි විස්තර සහ මාර්ගගත අයදුම්පත් සඳහා:
🌐 nysc.lk/youthawards
No comments:
Post a Comment