ප්‍රජාතන්ත්‍රවාදයේ සිට අධිකාරී වාදය දක්වා විහිදෙන මාධ්‍ය නිදහස සහ රාජ්‍ය පාලනය - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

ප්‍රජාතන්ත්‍රවාදයේ සිට අධිකාරී වාදය දක්වා විහිදෙන මාධ්‍ය නිදහස සහ රාජ්‍ය පාලනය

 ප්‍රජාතන්ත්‍රවාදයේ සිට අධිකාරී වාදය දක්වා විහිදෙන මාධ්‍ය නිදහස සහ රාජ්‍ය පාලනය





ජනමාධ්‍ය ප්‍රතිපත්ති යනු රටක මාධ්‍ය ක්‍රියාකාරකම් නියාමනය කිරීමත් , එය ආරක්ෂා කිරීමත් සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජයන් විසින් සකස් කරන ලද නීති රෙගුලාසි සහ මාර්ගෝපදේශ යන ආයතනික රාමුවන් වේ.
මෙම ප්‍රතිපත්ති මගින් මාධ්‍ය නිදහස තොරතුරු ප්‍රවේශය අයිතිය සහ ඩීජිටල් මාධ්‍ය නියාමනයත්, සෙන්සර්ෂප් (Censorship) මාධ්‍ය සංවිධාන ආවරණය කරයි.
ලෝකයේ විවිධ රටවල මෙම ප්‍රතිපත්ති රටේ දේශපාලන පද්ධතිය, ආර්ථික තත්ත්වය සහ සංස්කෘතික පසුබිම අනුව වෙනස් වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය නිදහස අගය කරන අතර අධිකාරිවාදී රටවල රජයේ පාලනය බලවත් බැවින් ලෝකයේ මාධ්‍ය පද්ධතිවල විවිධත්වය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් උකහා ගත හැක.
එක්සත් ජනපදයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති 
එක්සත් ජනපදයේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධන මතයි. 
මාධ්‍ය නිදහස සහ විචාරණයෙන් තොරව ප්‍රකාශනය කිරීමේ නිදහස ආරක්ෂා කරයි. මෙහිදී මෙම සංශෝධනය මගින් කථන නිදහස ආගම් නිදහස සහ ප්‍රවෘත්තිවල නිදහස් බව ආරක්ෂාවන අතර රජයට මාධ්‍ය වාරණ (Censorship) පැනවීම් තහනම් කෙරේ.
එක්සත් ජනපදයේ මාධ්‍ය නියාමන ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ පෙඩරල් කොමනිකේෂන් කොමිෂන් (FCC) මගිනි.
රේඩියෝ ටෙලිවිෂන් සහ සැටලයිට් මාධ්‍ය සඳහා බලපත්‍ර ලබාදෙන අතර ඒවා සෑම වසර හතරකට වරක් අලුත් කිරීම අනිවාර්ය වේ. පෙඩරල් කොමියුනිකේෂන් කොමිෂන් මගින් මාධ්‍ය අයිතියේ සීමාවන්ද සකස්කර ඇති අතර එක් තැනැත්තෙකුට බහු මාධ්‍යය නාලිකා සීමා කිරීම මගින් මාධ්‍ය බහුවිධත්වය ප්‍රවර්ධනය කොට ඇත.
එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා නීති නොමැති වුවද සමහර නීති බලපැවැත්වේ. එනම් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ ගැටලු පිළිබඳ එරට කොංග්‍රසයේ අවධානය යොමු වී ඇති අතර මාධ්‍යකරුවන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් නීති සකස් කොට ඇත. මෙම ප්‍රතිපත්ති මගින් මාධ්‍යයේ ස්වාධීනත්වය අගය කෙරෙන අතර රජයේ මැදිහත්වීම අවම කොට ඇත. 
මාධ්‍ය නිදහස සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව පෙන්වා දී ඇත. එක්සත් ජනපදයේ මාධ්‍ය ප්‍රතිපත්ති ගෝලීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව එහිදී මාධ්‍ය රජය ස්වාධීන ලෙස කටයුතු කරයි. 
චීනයේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති
චීනයේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති බලවත් රජයේ පාලනය යටතේ පවතින අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා මාධ්‍ය භාවිතා වේ.
චීනයේ මාධ්‍ය සෙන්සර්ෂීප් සඳහා ප්‍රධාන ආයතනය වන්නේ ජෙනරල් ඇඩ්මිනිස්ටේෂන් ඔෆ් ප්‍රෙෂ් ඇන්ඩ් පබ්ලිකේෂන් (GAPP) වන අතර එය මුද්‍රණ ඉලෙක්ට්‍රොනික සහ අන්තර්ජාල ප්‍රකාශන සෙන්සර් කිරීමේ අධිකාරියක් ඇත.
චීන රජය විදේශීය ප්‍රවෘත්ති ප්‍රවේශය සීමා කිරීම සඳහා සැටලයිට් රිසීවර්ස් සහ කෙටි තරංග ප්‍රවෘත්ති ජෑම් කිරීම සඳහා භාවිතා කරයි. 
චීනයේ මාධ්‍ය සෙන්සර්සිප් ලෝකයේ විශාලතම මාධ්‍යවේදීන්ගේ සහ සිරකරුවන්ගේ ස්ථානයක් ලෙස සැලකෙන අතර රජය මගින් මාධ්‍යකරුවන්ට එරෙහි පීඩන ක්‍රියාකාරකම්  සිදු කරනු ලබයි. සිවිල් කෝඩ් ඉලෙක්ට්‍රොනික් කොමර්ස් ලෝ ඇඩ්වර්ටයිසින් ලෝ සහ සයිබර් සෙකියුරිටි ප්‍රධාන නීති ලෙස ඇතුළත් කර තිබේ. රජයේ ගේට් ෆයර් වෝල් ලෝකයේ වඩාත්ම සංකීර්ණ අන්තර්ජාල සෙන්සර්ෂීප් පද්ධතියක් ලෙස සැලකෙන අතර එය විදේශීය වෙබ් අඩවි සහ අන්තර්ගතයන් අවහිර කරයි. මෙම ප්‍රතිපත්ති මගින් රජයේ පාලනය බලවත් වුවද එය ජාතික ආරක්ෂාව සහ සමාජ ස්ථායිතාව ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කය ලෙස සඳහන් වෙයි.
එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය 
එක්සත් රාජධානියේ (UK) ජනමාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් මාධ්‍ය අන්තර්ගතය සඳහා සකස් කර ඇති කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස් මත පදනම් වෙයි. 
එය විවිධ ආයතන මගින් සකස් කරනු ඇත. 
UK හි මාධ්‍ය නියාමනය සඳහා ප්‍රධාන ආයතන වන්නේ ඔෆ් කොම් (ofcom) වන අතර එය බෝඩ් කාස්ටින් සමාජ මාධ්‍ය සහ අන්තර්ගත අනුකූලතාවය නියාමනය කෙරේ. 2024 මීඩියා ඇක්ට් මගින් මාධ්‍ය නීති යාවත්කාලීන කර ඇති අතර එය පොදු සේවා බෝකාස්ටර්ස් සඳහා තරගකාරීත්වය  වැඩිදියුණු කිරීම ඉලක්ක කෙරේ.
UK හි මාධ්‍ය නීති සඳහා බෝකාස්ටින් සර්විස් ඇක්ට් 1992 ප්‍රධාන නීතියක් වන අතර එය දිනකට විකාශන කාලයෙන් 20%ක සීමාවක් ඇඩ්ඩටයිසින් සඳහා සකස් කර තිබේ. මාධ්‍ය සංයෝජන නීති යාවත්කාලීන කිරීම මගින් පුවත්පත් ස්ථායිතාව හා සුවාදීනත්වය ආරක්ෂා කරයි. 
UK හි සෙන්සර්ෂීප් සඳහා ඉතිහාසයක් තිබුණද වර්තමානයේ එය මාධ්‍ය නිදහස සමතුලිත කිරීමේ ඉලක්කය ලෙසත් මෙම ප්‍රතිපත්ති යුරෝපීය සංගම්වල බලපෑම මත සමග සම්බන්ධ වෙයි. 
ඉන්දියාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති 
ඉන්දියාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් ස්වයං නියාමනය මත පදනම් වෙයි. එහිදී ප්‍රෙස් කවුන්සිල් ඔෆ් ඉන්දියා සහ නිවුස් බ්‍රෝකාස්ටින් ස්ටෑන්ඩර්ඩ් ඔතෝරිටි වැනි ආයතන මගින් මාධ්‍ය නියාමනය කෙරේ. 
ඉන්දියාවේ මාධ්‍ය නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19(1)(A) වගන්තිය මගින් ආරක්ෂා වෙයි. නමුත් බ්‍රිතාන්‍ය යුගයේ නීති වැනි ප්‍රෙස් රෙගුලේෂන් ලෝ තවමත් එහි බලපෑම් ඇති කරයි.
ඉන්දියාවේ ව්‍යාජ පුවත් ප්‍රකාශ කිරීම තහනම් වන අතර එය මාධ්‍යකරුවන්ට සිර දඬුවම් හෝ පුවත්පත් තහනම් කිරීමට හේතු වෙයි.
ඉන්දියාවේ මාධ්‍ය නීතිය අතර සිවිල් කෝඩ් ඉලෙක්ට්‍රොනික කොමර්ස් ලෝ ආදිය ඇතුළත් වෙයි. 2023 නීතිය මඟින් රජයට මාධ්‍ය පාලනය සඳහා අතරේක බලතල ඉන් ලබා දී ඇත. ජාතික බ්‍රෝකාස්ට් පොලිසි මගින් බලපත්‍ර ක්‍රියාවලිය සහ ටැරීෆ් ඕඩර්ස් නියාමනය කරයි. 
ඉන්දියාවේ මාධ්‍යය ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදී වුවද රජයේ මැදිහත්වීම් වැඩි වී ඇත.
රුසියාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති 
රුසියාවේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති රජයේ පාලනය යටතේ පවතින අතර මාස් මීඩියා ලෝ මගින් මාධ්‍ය නිදහස සහ සෙන්සර්ෂීප් තහනම් කරයි.
2022 යුක්‍රේන ආක්‍රමණයෙන් පසු බොහෝ සුවාදේන මාධ්‍ය තහනම් කර තිබේ. රුසියාවේ මාධ්‍ය අයිතිය සීමා වන අතර විදේශීය සමාගම් වලට 20%කට වඩා අයිතිය තහනම් කොට ඇත. 
රුසියාවේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා තහනම් අන්තර්ගතයන් ඇතුළත්වන අතර 2022 නීතිය මගින් ව්‍යාජ ප්‍රකාශ කිරීම සඳහා සිර දඬුවම් නියම කර ඇත. මෙම ප්‍රතිපත්ති රජයේ පාලනය බලවත් කරයි. 
ඕස්ට්‍රේලියාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති
ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති ඕස්ට්‍රේලියන් කොමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා ඔතෝරිටි (ACMA) මගින් නියාමනය කරයි.
බෝකාස්ටින් සර්විස් ඇක්ට් 1992 මගින් ටීවී සහ රේඩියෝ නියාමනය කරයි. 
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවන් ඇතුළත්වන අතර 16 වයස් ප්‍රමාණයට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගනිමින් ඇත.
ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂා නොවුනද දේශපාලනය සන්නිවේදනය කිරීමට නිදහස ලබා දී ඇත. මෙම ප්‍රතිපත්ති සමාජ ආරක්ෂාව සහ මාධ්‍ය බහුවිධත්වය අගය කරයි. 
යුරෝපීය සංගම් රටවල ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති 
යුරෝපීය සංගම් (EU) රටවල ජනමාධ්‍ය ප්‍රතිපත්ති EU මට්ටමින් නියාමනය කරයි. යුරෝපීය මීඩියා freedom ඇක්ට් (EMFA) මගින් මාධ්‍ය නිදහස සහ බහුවිධත්වය ආරක්ෂා කරයි. 
EU හි සමාජ මාධ්‍ය නියාමනය සඳහා නීති සකස් කර ඇති අතර එය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව ඉලක්ක කරයි. මාධ්‍ය නීති සංස්කෘතික බහුවිධත්වය සහ ආර්ථික අවශ්‍යතා මනාව සමතුලිත කරයි. එම රටවල මාධ්‍ය අයිතිය පිළිබඳ විනිවිද භාවය අනිවාර්ය වන අතර මෙම ප්‍රතිපත්ති රටවල් අතර සමගිය ප්‍රවර්ධනය කරයි. 
ලෝකයේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සංසන්දනය කිරීමේ දී එක්සත් ජනපදය සහ UK වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය නිදහස ඉහළ මට්ටමක පවතින අතර චීනය සහ රුසියාව වැනි රටවල රජයේ පාලනය බලවත් වන අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ස්වයං නියාමනය සහ රජයේ මැදිහත්වීම් සමතුලිත කර ඇත.
EU රටවල ප්‍රතිපත්ති ගෝලීයකරණය සමඟ සම්බන්ධ වෙයි. ගෝලීයකරණය සහ ඩිජිටල්කරණය මගින් මෙම ප්‍රතිපත්ති වෙනස් වෙමින් පවතින අතර මාධ්‍ය නිදහස සහ ආරක්ෂාව අතර සමතුලිතතාවය අවශ්‍ය වෙයි. මෙම විවිධත්වය මගින් ලෝකයේ මාධ්‍ය පද්ධතිවල සංකීර්ණත්වය මනාව පිළිබිඹු වෙයි.
ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පුළුල් සහභාගීත්වයක් විනිවිද භාවය ආචාර ධර්ම ඩිජිටල් සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් යෝජනා ඉදිරිපත් කිරීමෙන් ජන විශ්වාසය ගොඩනඟා ගත හැකිය.

No comments:

Post a Comment


Post Top Ad