මාධ්‍යවේදීන් හට හැඳුනුම්පත් ලබාදීමෙන් ආණ්ඩුව ඉවත් විය යුතුයි - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

මාධ්‍යවේදීන් හට හැඳුනුම්පත් ලබාදීමෙන් ආණ්ඩුව ඉවත් විය යුතුයි

 

මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් දීමෙන් ආණ්ඩුව ඉවත් වෙන්න ඕන.........



15-05-2025-කොළඹ රංගන
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
(මාධ්‍ය සාකච්ඡාව)
මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් දීමෙන් ආණ්ඩුව ඉවත් වෙන්න ඕන.........
මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත දීමේ අයිතිය තියෙන්නේ මාධ්‍ය ආයතන වලට.......
ඇමතිවරයා මේ 28 වෙනිදාට අලුත් මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්න කටයුතු කරනවා කිව්වා.....
👉දුමින්ද සම්පත් 
සභාපති
ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා එතුමා මාධ්‍ය හැදුනුම්පත අනිවාර්යයි කිව්වා
අපි කියනවා මාධ්‍ය හැඳුනුම් පත අත්‍යය අවශ්‍යය නෑ කියලා
මාධ්‍ය හැඳුනුම්පත් සී.අයි.ඩී නිලධාරීන්ටත් දීලා තියෙනවා ඒක වැරදියි
ආණ්ඩුව මාධ්‍ය හැදුනුම්පත් දීමෙන් ඉවත් වෙන්න ඕන 
ජන මාධ්‍ය ප්‍රතිපත්තියේ තිබුණේ නෑ ජනමාධින්ට වෙන අසාධාරණ වලට කරන වැඩකටයුතු මොනවද කියලා 
අපි නැවත සාකච්ඡාවක් කරන්න කැමතියි ආණ්ඩුව සමඟ
👉ශාන්ත විජේසූරිය
විධායක කමිටු සාමාජික
වෙනත් ආණ්ඩුත් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට එන එක නවත්වන්න කටයුතු කරා
මේ වගේ කටයුතු කරේ නෑ
මේ ඇමතිවරයා මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බැරි නිසා තමයි ඇඳුම්පත අනිවාර්ය කරන්නේ
අපිට මාධ්‍ය හැදුනුම්පත අවශ්‍ය නෑ
මාධ්‍යවේදීන් නිදහසේ වැඩකටයුතු කරන්න මාධ්‍ය නිදහස තිබිය යුතුයි
විසි අටවෙනිදා වෙනකොට අලුත් මාධ්‍යට ප්‍රතිපත්තියත් හදන්න ඇමතිවරයා කටයුතු කරනවා කිව්වා 
මේ හැඳුනුම්පත අනිවාර්ය කරලා මාධ්‍ය මර්ධනය කරන්නයි මේ හදන්නේ

No comments:

Post a Comment


Post Top Ad