මාරවිලේ මයුරිට නීතියේ ආරක්ෂාව තිබුණේ කොහෙද?" - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

මාරවිලේ මයුරිට නීතියේ ආරක්ෂාව තිබුණේ කොහෙද?"

මාරවිලේ මයුරිට නීතියේ ආරක්ෂාව තිබුණේ කොහෙද?"







මාරවිල ප්‍රදේශයේ පදිංචි කාරියක වන වින්දිත කාන්තාවක් වන ඇයගේ නම : මයුරි සමන්තිකා අහංගම
ලිපිනය 179 හොරගොල්ල, මාරවිල. යන ලිපිනයේ පදිංචි වන ඇය
අයත් වන්නේ මාරවිල පොලීසියටය.

සිද්ධිය : ඇය ඉඩමක් නිත්‍යානුකලව සංජීව සිරිවර්ධන යන අයගෙන් මිලදීගෙන පදිංචි වී සිටිනවා. එම ඉඩම බලපත්‍රයක් යන බවයි ඇය පවසා සිටින්නේ. ඇය ඉඩම සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරිය හමු වී එහි සත්‍ය අසත්‍යතාවය සොයා බලා නීත්‍යානුකූලව ඉඩම මිළිදී ගෙන තිබෙන බවයි ඇය පවසා සිටින්නේ. 
ඉඩම විකුණූ කෙනා එම  මුදල් වියදම් කර නාස්ති කර පසුව නැවත පැමිණ ඉඩම ඉල්ලා හෝ නැවත තව මුදල් ඉල්ලලා ඇයට කරදර කරනවා කියලා තමයි ඇය කියා සිටියේ. ඇය හට මේ සම්බන්ධව ඔහු නිතර නිතර පැමිණ තර්ජනය කරන අවස්ථා සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිලි දාලා තියෙනවා.ප් 119 අමතා දන්වා සිටි අවස්ථාද තිබෙනවා. අවස්තා නවයක පමණ මෙසේ කළත් පොලීසිය මේ සම්බන්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ඇය අප හා පවසා සිටින්නේ.
අවසානයේ ළගදි දිනෙක අදාල පුද්ගලයා විසින් පැමිණ ඇය හට තියුනු ආයුදයකින් පහර දී කපා කොටා දරුණු ලෙස තුවාල සිදු කර තියෙනවා. 
ඇයව රොහල්ගත කර තිබෙන්නේ මාරවිල පොලිසිය විසිනි. නමුත් මේ වන විටත් පොලීසිය අදාල පුද්ගලයාව අත් අඩංගුවට ගැනීම විවිධ කාරනා කිය කිය මග හරිමින් සිටින බවයි ඇය අප හා त පවසා සිටියේ.  මේ වන විටත් අපරාධකරු නීතියේ රැහැනට හසු කර ගැනීමට මාර විල පොලිසිය අසමත් වී සිටින බවයි ඇය අප හා වැඩිදුරටත් පවසා සිටි.
අදාල පුද්ගලයා ඇයට දුරකථනයෙන් තර්ජනය කර තියෙනවා. මම ඊළග පාර ඇවිල්ලා උඹගේ බෙල්ල කපලා තමයි ගිහින් බාර වෙන්නෙ කියලා. ඇයට මේ කිසිම දෙයකට පිලිසරණක් නැත. ඇය මේ වන විටත් රැකියාවක් කර ගැනීමට පවා අපහසු තත්ත්වයකට පත්ව ඇත. නීතියේ පිහිට පතන ඇයට තවම යුක්තියද ඉටු වී නොමැත.
වගකිවයුතු බලධාරීන්ගේ නෙත් මෙම ගැටලුවට යොමු වී හැකි ඉක්මනින් ඇයට සාධාරණයක් වනතුරු අප මාධ්‍ය කණ්ඩායම විමසිල්ලෙන් කටයුතු කරනු ඇත.




No comments:

Post a Comment


Post Top Ad