කොළඹ කොටස් හුවමාරුවෙහි නව සභාපති
දිමුතු අබේසේකර
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර ඇති බව හුවමාරුව වාර්තා කරයි. ඔහු මීට පෙර වසර හයකට ආසන්න කාලයක් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
මෙම පත්වීම ඩිල්ෂාන් වීරසේකර මහතාගේ සභාපති ධුර කාලය අවසන් වීමෙන් පසුව සිදුවිය.
වසර 35කට වැඩි ප්‍රාග්ධන වෙළඳපොළ අත්දැකීම් සහිත අබේසේකර මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ප්‍රාග්ධන වෙළඳපොළ වෘත්තිකයන් අතරට ගණන් ගනී. ඔහු වර්තමානයේ ආෂා සෙකියුරිටීස් ලිමිටඩ් (කොටස් තැරැව්කාර සමාගම) හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
No comments:
Post a Comment