මාලිමා ආණ්ඩුවෙන් වැඩිහිටියන්ට බරටම සහන දෙති! - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

මාලිමා ආණ්ඩුවෙන් වැඩිහිටියන්ට බරටම සහන දෙති!

 මාලිමා ආණ්ඩුවෙන් වැඩිහිටියන්ට බරටම සහන දෙති!




වැඩිහිටි තැනැත්තන්ගේ සුබ සාධනය සඳහා 2025 වසරේ දී රුපියල් මිලියන 500ක් ලබා දීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය  අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
අප කල විමසුමක දී ඒ මහතා මෙසේ ද කීය.
2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබ සාධන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබ සාධනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා කීය.
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම ද වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ද සිදු කරන බව ද ඒ මහතා කීය.
වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම ද පියවර ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම ද සිදු කරන බව ද ඔහු කීය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවද ඔහු කීය. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මාධ්‍යවේදී සිහින සංකල්ප

No comments:

Post a Comment


Post Top Ad