පාස්කු ප්‍රහාරයට මාස 75යි: නොනවතින යුක්තියේ හඬ තවමත් දෝංකාර දෙයි - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

පාස්කු ප්‍රහාරයට මාස 75යි: නොනවතින යුක්තියේ හඬ තවමත් දෝංකාර දෙයි

 පාස්කු ප්‍රහාරයට මාස 75යි: නොනවතින යුක්තියේ හඬ තවමත් දෝංකාර දෙයි






2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මාස 75ක් සපිරෙන අද (21) දින, එම අමානුෂික ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් පවත්වන මාසික මාධ්‍ය සාකච්ඡාව කොළඹ, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී (CSR) පැවැත්විණි. "නොනවතින යුක්තිය ඉල්ලා හඬ නැගීමේ සටන" තේමාව යටතේ සංවිධානය වූ මෙම මාධ්‍ය හමුව සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා අවධාරණය කළේ, ප්‍රහාරය සිදුවී වසර හයක් ඉක්ම ගොස් ඇතත්, එහි වින්දිතයින්ට මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවයි. ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් නීතිය හමුවට ගෙන ඒම බලධාරීන්ගේ වගකීම බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා, සත්‍යය හා යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර, කොල්ලුපිටිය මීසම් සේවක ගරු ජූලියන් පැට්‍රික් පියතුමා සහ එම සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත යන මහත්වරුන්ද අදහස් දක්වමින්, යුක්තිය ඉටු වන තුරු මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දුන්හ.
1.සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධයක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා.
2.වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා.
3.සතය හා යුක්තිය සදහා නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර මහතා.
4.කොල්ලුපිටිය මීසම් සේවක ගරු ජූලියන් පැට්‍රික් පියතුමා.
5.සතය හා යුක්තිය සදහා නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා යන අය මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරමින් සිටී.
මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිත් තුළ ගැඹුරු කැළලක් ඉතිරි කර ඇති අතර, එය රටේ සමාජ, දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක් එල්ල කළේය.

No comments:

Post a Comment


Post Top Ad