50 000ක් ධීවර යාත්‍රා මුහුදු යන්න සුදුසු ද යන්න රජය තීරණය කරන්නට යයි! - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

50 000ක් ධීවර යාත්‍රා මුහුදු යන්න සුදුසු ද යන්න රජය තීරණය කරන්නට යයි!

 50 000ක් ධීවර යාත්‍රා මුහුදු යන්න සුදුසු ද යන්න රජය තීරණය කරන්නට යයි!




වෙරළ තීරයේ විසිරී ඇති 50 000ක් පමණ වන ධීවර යාත්‍රා ධීවර කර් මාන්තයට ද  සුදුසු ද නැන්ද යන්න සංගණනය කර අනුමැතිය ලබා දීමේ  ජාතික ධීවර යාත්‍රා සංගණනයක් පවත්වන බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍ර සේකරන් මහතා පවසයි. 
අප කළ විමසුමක දී ඒ මහතා මෙසේ ද පැවසීය.      
මෙම ජාතික ධීවර යාත්‍රා සංගණනය  2025 අගෝස්තු 04 වන දින සිට 2025 අගෝස්තු 20 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද ඒ මහතා කීය. 
අගෝස්තු 04 වන දින පෙ.ව. 08:00 ට පානදුර ධීවර වරායේ දී පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා කීය. 
සංගණනයේ අරමුණු රැසක් ඇති බව ද ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ විසිරී ඇති 50000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳ ව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් මේ මගින් සක්‍රීය ධීවර යාත්‍රා හඳුනා ගැනීම, භාවිතයේ නො යෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහය වීම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායක වීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.
සංගණන ක්‍රියාවලිය අදියර කිහිපයක් යටතේ සිදු කරන බව ද ඔහු පැවසීය.
පළමු අදියරේ දී, පිටත එන්ජිම සහිත OFRP සහ MTRB යාත්‍රා ගණනය කෙරෙන අතර දෙවන හා තෙවන අදියරයන්හි දී සියලුම බහුදින සහ යාන්ත්‍රික නොවන යාත්‍රා ද සංගණනය කරනු ලබ බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපළකටම පැමිණ යාත්‍රා පරීක්ෂා කර විශේෂ ස්ටිකරයක් ඇලවීම සිදු කරනු ඇති බවද ඒ මහතා කීය.
සංගණනයෙන් රැස්කරගන්නා තොරතුරු අමාත්‍යාංශයේ මාර්ග ගත බලපත්‍ර නිකුත් කිරීමේ MSDFAR පද්ධතියට ඇතුළත් කරනු ලබන බවත් 2026 වසරේ සිට ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සියලුම සහන සේවා සැපයෙන්නේ මෙම සංගණනයට ලක්වූ යාත්‍රා සඳහා පමනක් බවද ඇමති වරයා ප්‍රකාශ කළේ ය. 
භාවිතයට නුසුදුසු සහ හිමිකරුවන් නොමැති අබලන් යාත්‍රා නීත්‍යානුකූලව වෙරළ තීරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා අතර එමගින් පරිසර දූෂණය වැළැක්වීම සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම ද අපේක්ෂාව බව ද ඔහු පැවසීය.

මාධ්‍යවේදී සිහින සංකල්ප

No comments:

Post a Comment


Post Top Ad