පරිසර දිනය වෙනුවෙන් ස්ථාන තුනක වැඩසටහන් - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

පරිසර දිනය වෙනුවෙන් ස්ථාන තුනක වැඩසටහන්

 

පරිසර දිනය වෙනුවෙන් ස්ථාන තුනක වැඩසටහන් 





අද දින (05/06) පරිසර දිනය වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසරා මාධ්‍ය අංශය විසින් ස්ථාන තුනක වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබුණි. 
එනම් ;
ගම්පල කහට පිටිය උප දුම්රිය පොළ පරිසර හිතකාමී ලෙස සකස් කිරීම.
* උඩරට දුම්රිය මාර්ගය කසල කළමනාකරණය විධිමත් කිරීම හා කසල කළමනාකරණය කිරීම පිණිස අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍යය බෙදා දීමක්ද සිදු කිරීම.
* මහනුවර දුම්රියපොළ ස්ථානයේ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීම හා දඹුල්ල නගර සීමාවේ පරිසර හිතකාමී ලෙස කරද පැළ හිටවීම.
මහනුවර නගරයට පැමිණෙන ඔබට මහනුවර දුම්රියපොළ තුළට ඇතුල් වෙන ඔබට මෙම වටිනා ඡායාරූප ප්‍රදර්ශනය සියැසින් දැකබලා ගත හැක. 
ජාත්‍යන්තර පරිසර දිනය සෑම වසරකම ජූනි මස 05 දිනට යෙදී තිබේ. මෙම වර්ෂයේ පරිසර දින තේමාව වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතයෙන් ඇතිවන දූෂණය අවසන් කිරීමයි. 
කෙසේ වෙතත් තවමත් ප්‍රජාව කසල කළමනාකරණය කෙරෙහි අඩු අවධානයක් ලබාදීමත් කසල වෙන්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණද මහජනතාව තවමත් එයට අනුගත වී නැත. සුළු පිරිසක් එයට අනුගත වූවත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුව ඇත. 
ජෛව විවිධත්වයෙන් පෝසත් කලාපයක් කරා දිවෙන ලංකාවේ ආකර්ෂණීයම පැරණිතම දුම්රිය මාර්ගය උඩරට දුම්රිය මාර්ගය වේ. මෙම මාර්ගයේ උමං 46 ක්ද පිහිටා ඇති අතර පාරිසරික වශයෙන් වැදගත් මේ නොකිලිටි පරිසරය කසලින් තොරව පවත්වාගෙන යෑම සංචාරයේ යෙදෙන ඔබ සැමගේ ජාතික වගකීමක්ද වන්නේය. 
වන ජීවී හා මානව ගැටුම් ද අවම කර ගනිමින් මිරිදිය ජෛව විවිධත්වයෙන් යුත් ප්‍රදේශ සංරක්ෂණය කිරීමද ඉතාමත් වැදගත් කරුණක් වන්නේය.
පරිසර දිනය වෙනුවෙන් හා පරිසරය සුරැකීම වෙනුවෙන් චමින්ද අබේරත්න මහතා ගේ තෙලිතුඩෙන් ලියූ කවියක් පහතින් දිස්වේ. 

ඔබෙන් කිසිවක් එපා මේ සොඳුරු බිම්කඩට 
ඇති තරම් බිදගන්න මතක අරගෙන යන්න 
යලිත් එන දිනයකදී පෙරවාගේ හමුවෙන්න 
මට එපා රිද්දන්න එන අයට පවසන්න

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරක්ෂා කිරීමට පියවර ගැනීම සියලු දෙනාගේම ජාතික වගකීමක් වන්නේය.




No comments:

Post a Comment


Post Top Ad