අත්දැකීම් සහ තාරුණ්‍යයේ සුසංයෝගය: සජබය ජයග්‍රාහී මාවතට! - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

අත්දැකීම් සහ තාරුණ්‍යයේ සුසංයෝගය: සජබය ජයග්‍රාහී මාවතට!

 අත්දැකීම් සහ තාරුණ්‍යයේ සුසංයෝගය: සජබය ජයග්‍රාහී මාවතට!




රට දිනවන බලවේගය ශක්තිමත් වෙයි - සජබ නව සභාපති ලෙස කබීර් වැඩ අරඹයි!
බෙදුණු දේශපාලනයට තිත: කබීර් පත්වීමෙන් සජබයේ ජාතික එකමුතුව තවත් තහවුරු වෙයි!
තනතුරු වලට නොව, වගකීම් වලට මුල් තැන දෙන දේශපාලන සංස්කෘතියක්! සමගි ජන බලවේගයේ නව සංවිධාන ව්‍යුහය රට දිනවන්නට සැරසෙයි.!
 සජබ නව සභාපති ලෙස කබීර් හෂීම් පත් කෙරේ
සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පා ර් ලි මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම සිදු කරනු ලැබීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන කබීර් හෂීම් මහතා මීට අමාත්‍ය ධුර රැසක් හොබවා ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
දිනන ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ තීරණාත්මක පියවරක් ලෙස මෙම පත්වීම සිදුකර ඇති බව දේශපාලන ආරංචි මා ර් ග  සඳහන් කරති.

මාධ්‍යවේදී 
සිහින සංකල්ප

No comments:

Post a Comment


Post Top Ad