අද වප්පුර පොහොය දිනයයි
.jpeg)
අද වප්පසළොස්වක පොහෝය දිනයේ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් සිල් සමාදන්ව ඉතා අර්ථවත් පොහොය දිනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධයෝ වශයෙන් ගත කිරීමට අධිෂ්ඨාන කරගත යුතු දිනයක් වනවා.
ඉතාම දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතය සහ ඉතාම දුර්ලභව ලැබුණු මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය ලබන්නට තිබුණ කාලය ටිකෙන් ටික නිමා වෙමින් තිබේ.
වස්සාන සමය අවසන් වීමත් සමග කඨින චීවර පූජා කිරීමේ කාලය මෙම පොහොය දිනට පසු දින ආරම්භ වනවා. මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයට වී ධර්ම ශාස්ත්‍ර හැදෑරීම භාවනා කිරීම සහ විනය කර්ම සිදුකිරීම කරනු ලබයි.
දෙවන පෑතිස් රජුගේ බෑණනුවන් වූ අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිස මෙම පොහොය දිනයේදී පැවිදි වී රහත් බව ලබා ගත්හ. අරිට්ඨ කුමරුගේ පැවිදි වීමත් සමඟ රටේ ජනතාවට උරුම වූ සාසනයක් බවට පත්විය.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලෙස ආරාධනා කළේද මෙම පොහොය දිනයේදීය.
මාතෘ දිව්‍ය රාජය ඇතුළු පිරිසට අභිධර්ම පිටකය දේශනා කර නිම කළේද මෙම වන් උතුම් පොහොය දිනයකදීය.
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලැබීමට නියත විවරණ ලැබුණේද අද වන් උතුම් පොහොය දිනයකදීය.
සිය අධ්‍යාත්මික ජීවිතය අලුත් කරගනිමින් පුණ්‍ය කටයුතුවල නිරත වෙමින් කඨින චීවර පූජාව සඳහා යොමුවීමේ අවස්ථාව සලසන උතුම් පොහොය දිනයක් ලෙස සැලකේ. අටසිල් සමාදන්වීම භාවනා වැඩසටහන්වල නිරතවීම මෙම උතුම් පොහොය දිනය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකා බෞද්ධ ඉන් හට වැදගත් වේ.
No comments:
Post a Comment