තාරුණ්‍යය සහ අපරාධ
තරුණ අපරාධ යනු ලොවපුරා බොහෝ රටවල් මුහුණ දෙන සමාජ ගැටලුවකි. එය තරුණ පරම්පරාවේ අනාගතයට පමණක් නොව සමස්ත සමාජයේම ආරක්ෂාවට හා සංවර්ධනයට සෘජුවම බලපානු ඇත.
තරුණයින් අපරාධ සඳහා යොමු වීමට බලපාන හේතු
මෑත කාලීනව තරුණයෙන් ගේ අපරාධ වල වර්ධනයක් දක්නට ලැබේ.
තරුණ අපරාධ සඳහා තනි හේතුවක් නොමැත. එය විවිධ සමාජ, ආර්ථික, මානසික සහ පවුල් පසු බිම් සාධක වල සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයකි. මෙම හේතු සාධක පිළිබඳව අවබෝධ කරගැනීම ගැටලුවට විසඳුම්සෙවීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.
දුර්වල දෙමාපිය අධීක්ෂණය පවුල් ආරවුල් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙමාපියන්ගේ අපරාධ පසුබිම් සහ බිඳුණු පවුල් වැනි සාධක දරුවන්ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
අධ්‍යාපනය පාසල් පරිසරය සම වයසේ මිතුරන්ගේ බලපෑම ආර්ථික හා සමාජයීය සාධක මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය මානසික හා සෞඛ්‍ය ගැටලු නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දුර්වලතා තරුණ අපරාධ වැඩි වීමේ අවදානම ඇතිකරයි.
රැකියා විරහිතභාවය දරිද්‍රතාවය සහ ජීවනෝපාය මාර්ග නොමැතිවීම තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇතිකරයි.මෙවැනි තත්ත්වයන් යටතේ ඉක්මන් මුදල් ඉපයීමේ අරමුණින් හෝ ජීවනතත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමට පෙළඹිය හැක.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ කල්ලි පිළිබඳව තොරතුරු හුවමාරු වීම තරුණයන් තුළ එවැනි ක්‍රියා කෙරෙහි උනන්දුවක් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකාව තුළ තරුණ අපරාධවල වත්මන් තත්ත්වය
ශ්‍රී ලංකා වේ තරුණයන් අතර සුලභව දක්නට ලැබෙන අපරාධ අතරට සොරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය සම්බන්ධඅපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කල්ලි ගැටුම් ප්‍රධානවේ. මෑත කාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම වැනි බරපතල අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන අතර මේවාට තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවක්ද පවතී.
ආර්ථික අර්බුද සහ සමාජ අස්ථාවරත්වය තරුණ ප්‍රජාව අපරාධවල වර්ධනයට සෘජුවම බලපා ඇති බවට විශ්වාස කෙරේ.
රැකියා අවස්ථා අහිමි වීම ජීවන වියදම ඉහළ යාම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇති කරයි.
තරුණ අපරාධ පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග
පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යවේ. දෙමාපියන්ට දරුවන් ඇතිදැඩි කිරීම පිළිබඳව නිසි පුහුණුවක් ලබාදීම පවුල් උපදේශන සේවා සැපයීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය. දරුවන්ට ආරක්ෂිත සහ ආදරණීය පරිසරයක් ලබා දීමෙන් ඔවුන් අපරාධ සඳහා යොමුවීමේ අවදානම අවම කර ගත හැක.
අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ තරුණයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම ඉතා වැදගත්වේ.
යහපත් රැකියා අවස්ථා උදාකර ගැනීමත් හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.
රැකියා උත්පාදනය සහ ආර්ථික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුවේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීම ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මගින් රැකියා අවස්ථා වැඩි කළ හැකිය.
මානසික සෞඛ්‍ය සායන පුළුල් කිරීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජය දැනුවත් භාවය වැඩි කිරීමට පියවර ගැනීම.
තරුණයන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය තුළින් යහපත් ආදර්ශ ලබාදීම ද වැදගත්වේ.
අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් අපරාධ වැළැක්විය හැක.
තරුණ අපරාධ යනු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල සමාජ අභියෝගයකි.
තරුණ පරම්පරාව යනු රටක අනාගතයයි.
ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීම වේ.
No comments:
Post a Comment