කථා නායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ලිඛිතව දැනුම් දීමක් - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

කථා නායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ලිඛිතව දැනුම් දීමක්






 කථා නායක ගරු අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දෙයි
කථානායක ගරු අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගරු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ ගරු අසෝක රන්වල මහතා තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත.
சபாநாயகர் கௌரவ அசோக ரன்வல அவர்களின் இராஜினாமாவை கௌரவ ஜனாதிபதி ஏற்றுக்கொண்டதாக ஜனாதிபதியின் செயலாளர், பாராளுமன்ற செயலாளர் நாயகம் குஷானி ரோஹணதீரவுக்கு எழுத்து மூலம் அறிவிப்பு
சபாநாயகர் கௌரவ அசோக ரன்வல அவர்களின் இராஜினாமாவை கௌரவ ஜனாதிபதி ஏற்றுக்கொண்டதாக ஜனாதிபதியின் செயலாளர், பாராளுமன்ற செயலாளர் நாயகம் குஷானி ரோஹணதீரவுக்கு எழுத்து மூலம் அறிவித்துள்ளார்.
பத்தாவது பாராளுமன்றத்தின் புதிய சபாநாயகராகத் தெரிவு செய்யப்பட கெளரவ அசோக ரன்வல அவர்கள் தனது பதவியிலிருந்து இராஜினாமா செய்வதாக ஜனாதிபதிக்கு எழுத்து மூலம் அறிவித்திருந்தார்




No comments:

Post a Comment


Post Top Ad