'' ජනාධිපති ප්‍රදානය " නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ ඔබ දැනුවත්ද ? - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

'' ජනාධිපති ප්‍රදානය " නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ ඔබ දැනුවත්ද ?

 '' ජනාධිපති ප්‍රදානය " නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කිරීම




" ජනාධිපති ප්‍රදානය " යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වේ. වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස දන්වමින් එම ප්‍රවෘත්තිය සමග ව්‍යාජ සම්බන්ධතාවක්ද (Link) සඳහන් කර ඇත.
මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර, රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී මහජනතාව හා ජනමාධ්‍ය වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කිරීම රජයේ ක්‍රමවේදයයි.
එවැනි පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ රජය විසින් නිවේදනය නොකළ රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ සම්බන්ධ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තීන් ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර පදනමකින් තොර අසත්‍ය ප්‍රවෘත්තීන් පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින මෙන් මහජනතාවට ද දැනුම් දෙනු ලැබේ.




No comments:

Post a Comment


Post Top Ad