හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහි වුණ සිවිල් සංවිධාන - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහි වුණ සිවිල් සංවිධාන


 *හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහි වුණ සිවිල් සංවිධාන* 


ලංකාව යනු ඉන්දියාවේ කොටසක් බව සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු පසුගියදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසීය.
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මෙම දේශ ද්‍රෝහී ප්‍රකාශයට එරෙහිව
"හරීන් ව වහා ම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!" යන මැයෙන් පැවත් උන  මහජන උද්ඝෝෂනය අද (20) දින පෙ:ව 10:00ට නො 78, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය ,ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවැත් විය. ඒ සඳහා සහාභාගි වූ සිවිල් සංවිධාන වන
 අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය, ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාව 
සිව්හෙළ ජනතා සංසදයේ ක්‍රියාකාරීන් ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.
ඔවුන් පවසා සිටියේ සතියක් ඇතුලත හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් නොකළහොත්  නැවතත් එම ස්ථානයේම සියලු ජනයා ඒකරාශි කොට උද්ඝෝෂණයකට සූදානම් වන බවයි.
කොල්ලුපිටියේ සිට
කොලින් හරිස්චන්ද්‍ර

https://youtu.be/xNgPwDpbCP4?si=9yev2DTjMRWRVMtB

No comments:

Post a Comment


Post Top Ad