හරිත සංග්‍රාමය විපක්ෂ නායක අතට! - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

හරිත සංග්‍රාමය විපක්ෂ නායක අතට!

 විප්ලවයක් රටට සෙතක් රුපියල් බිලියන 30ක විදේශ විනිමය ඉතිරි කරන "හරිත සංග්‍රාමය" විපක්ෂ නායක අතට!



ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට තිරසාර විසඳුම් ගෙනෙන, රටට සතයක්වත් ණය නොවී ක්‍රියාත්මක කළ හැකි "මහවැලි Hybrid Solar-Hydro" ව්‍යාපෘති වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ. 
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විසින් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ඓතිහාසික සැලසුම ඉදිරිපත් කරන ලදී.
දැනට පවතින අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර මත යැපීම අවසන් කරමින්, "ණය නැති රටකට - බර නැති විදුලිය" යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය යෝජනා කර ඇත. දැනට ඒකකයකට රුපියල් 60ක් ඉක්මවන තාප විදුලි පිරිවැය, මෙම ක්‍රමය හරහා රුපියල් 30-45 දක්වා ස්ථාවර මට්ටමකට පහත හෙළිය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එය රජයේ ණය මත නොව, පෞද්ගලික ආයෝජන (PPP/BOO) යටතේ ක්‍රියාත්මක වීමයි.
මුළු ආයෝජනය: ඇමරිකානු ඩොලර් මිලියන 540 – 720 (සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයෙන්).
පවතින මහවැලි සම්ප්‍රේෂණ පද්ධතියම භාවිතා කරන බැවින් නව රැහැන් පද්ධති සඳහා වැයවන පිරිවැය 70% කින් ඉතිරි වේ.
වසර 2ක් වැනි කෙටි කාලයකදී මෙගාවොට් 400ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව.
ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන දැවැන්ත Battery Energy Storage System (BESS) තාක්ෂණය හරහා දහවල් කාලයේ නිපදවන සූර්ය බලය ගබඩා කර තබාගෙන, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම උපරිම වන අවස්ථාවේදී මුදා හැරේ.
ජලාශ ආශ්‍රිත ඉලක්කගත ධාරිතාවන්:
රන්දෙනිගල: 120 – 140 MW (පවුල් 120,000කට විදුලිය)
වික්ටෝරියා: 110 – 130 MW (පවුල් 110,000කට විදුලිය)
රන්ටැඹේ: 20 – 25 MW (පවුල් 20,000කට විදුලිය)
පාවෙන සූර්ය පැනල මගින් ජලාශ මතුපිට ආවරණය වීම නිසා ජල වාෂ්පීභවනය 20%කින් පමණ අඩු වේ. මෙමගින් ඉතිරි වන ජලය නියං කාලවලදී කෘෂිකර්මාන්තයට හෝ අමතර ජල විදුලිය නිපදවීමට භාවිතා කළ හැකි ද්විත්ව වාසියක් රටට හිමි වේ.
අපි කරන්නේ රට තවත් ණය උගුලක පටවන ව්‍යාපෘති නොවෙයි. රටට වාර්ෂිකව රුපියල් බිලියන 30ක විදේශ විනිමය ඉතිරි කර දෙන සැබෑ බලශක්ති ස්වෛරීභාවයේ පිම්මයි. මෙය 2035 හරිත ඉලක්කය ජයගැනීමේ සන්ධිස්ථානයක් වනු ඇති ධ්ම්මික මහතා කීය.
මෙම වැඩපිළිවෙළ ට සජිත් ප්‍රේමදාස මහතා  සහයෝගය ලබා දෙන බවත් හෙතෙම කීය.

No comments:

Post a Comment


Post Top Ad