හොරණ සහ අඟුරුවාතොට ස්ථානාධිපතිවරුන් ඇතුළු 6කට එරෙහිව කෝටි 10ක ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක්! - TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

හොරණ සහ අඟුරුවාතොට ස්ථානාධිපතිවරුන් ඇතුළු 6කට එරෙහිව කෝටි 10ක ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක්!

 හොරණ සහ අඟුරුවාතොට ස්ථානාධිපතිවරුන් ඇතුළු 6කට එරෙහිව කෝටි 10ක ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක්!



ඡායා පිටපතක් මත පදනම්ව "කූටලේඛන" අසත්‍ය නඩු පැවරූ බවට චෝදනා - පොලිස්පතිගේ නිහඬතාව ගැන මානව හිමිකම් සංවිධාන ප්‍රශ්න කරයි
ලේඛනයක මුල් පිටපතක් නොමැති පසුබිමක, එහි ඡායා පිටපතක් (Photocopy) පමණක් පදනම් කර ගනිමින් පුද්ගලයෙකුට එරෙහිව "කූටලේඛන සැකසීමේ" ව්‍යාජ චෝදනා යටතේ අසත්‍ය නඩු පැවරූ බවට චෝදනා කරමින් හොරණ සහ අඟුරුවාතොට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් හය දෙනෙකුට එරෙහිව රුපියල් කෝටි දහයක (රු. 100,000,000) වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, මෙරට පොලිස් පරිපාලනය සහ නීති ක්ෂේත්‍රය තුළ මේ වන විට මෙය දැඩි කතාබහට ලක්ව තිබේ.
පොලිසියේ අත්තනෝමතික ක්‍රියාකලාපය!
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ 3499/25 සහ 94167/24 යන නඩු අංක යටතේ කිසිදු නීතිමය පදනමකින් තොරව තම සේවාදායකයාව අසාධාරණ ලෙස නීතිමය ක්‍රියාවලියකට හසු කර ඇති බවයි. නීතියේ මූලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කරමින් මුල් පිටපතක් නොමැතිව ඡායා පිටපතක් මත පමණක් චෝදනා ගොනු කිරීම තුළින් පුද්ගලයෙකුගේ නිදහස සහ කීර්තිනාමය අභියෝගයට ලක් කර ඇති බව පෙත්සම මගින් පෙන්වා දෙයි.
වගඋත්තරකරුවන් ලෙස නම් කළ නිලධාරීන්:
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI)
හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික නවරත්න
පොලිස් පරීක්ෂක තරංග වික්‍රමරත්න
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති
පොලිස් කොස්තාපල් (71385) කේ.ඒ.ඩබ්ලිව්. සංජීව
පොලිස් කොස්තාපල් (40721) සුරංග
ඉහළ පොලිස් නිලධාරීන්ගේ නිහඬතාව
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ, අදාළ පොලිස් නිලධාරීන්ගේ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස්පතිවරයා වෙත අවස්ථා රැසකදී ලිඛිතව පැමිණිලි කළ ද මෙතෙක් කිසිදු විනයානුකූල පියවරක් ගෙන නොමැති බවයි.
"බලය අයුතු ලෙස භාවිත කරමින් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන දැඩි තර්ජනයක්," යැයි රුවන් අසුරමුණි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මාධ්‍යවේදී 
සිහින සංකල්ප
banner

No comments:

Post a Comment


Post Top Ad