TV ශ්‍රී ලංකා

TV ශ්‍රී ලංකා

දැණුමට දියුණුවට හා හදවතට අලුත් දේ අරගෙන...! 🌎 සොයන-බලන-විමසන සැමට වාර්තා කරණයේ ගවේශකයා

HOT

Post Top Ad

රජ fm

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලා ප්‍රදර්ශනය

July 03, 2026 0

 

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ යෝධ පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලා ප්‍රදර්ශනය




චීන ශ්‍රී ලංකා සංස්කෘතික මිත්‍රත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් කොළඹ 07 චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී චීනයෝද පැන්ඩා තරු පොකුරු ඩිජිටල් කලාප දර්ශනය විවෘත විය. අති නවීන තාක්ෂණය , කෘතිම බුද්ධිය සහ පාරිසරික ස්වාභාවික අංශ වලද සංකලනයන් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය මෙරට පාසල් දරුවන් සඳහා නවමු අත්දැකීමකි.
ප්‍රදර්ශනය නරඹන අයට පැන්ඩාවකු සමග ඡායාරූප ගැනීමටත්, තමන් වර්ණ ගැන්වූ චිත්‍ර ඩිජිටල් වනාන්තරයක සජීවිකරණය වන අයුරු දැකගැනීමටත්, පැන්ඩාවන්ට ආහාර ලබාදීමටත් අවස්ථාව ලැබෙනු ඇත. ඉතා විනෝද ජනක ඩිජිටල් අත්දැකීම් කිහිපයක් මෙහිදී ජීවිතයට එකතු කරගත හැකිය.
මෙම ප්‍රදර්ශනය 2027 වසරේ ජූනි මස දක්වා පැවැත්වෙන අතර සෑම සතියකම බ්‍රහස්පතින්දා දින පස්වරු 3.00 සිට නැරඹිය හැකිය. ඒ සඳහා 0713976597 යන දුරකථන අංකය ඇමතීමෙන් වේලාවක් වෙන්කරවා ගත හැකිය.

Read More

45 වන ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික තරගාවලි 08ක් සඳහා අයදුම්පත් කැඳවයි

June 27, 2026 0

 45 වන ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික තරගාවලි 08ක් සඳහා අයදුම්පත් කැඳවයි



ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කලාත්මක, සාහිත්‍යමය, නිර්මාණාත්මක හා නවෝත්පාදන කුසලතා ජාතික මට්ටමින් හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 08ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවයි. 
මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 15 සිට 29 දක්වා වූ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි අතර, රට පුරා සිටින දක්ෂතා ඇති තරුණ පිරිසට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ජාතික මට්ටමේ ඇගයීමක් ලබා ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවකි.
මෙවර තරගාවලිය යටතේ "Melody" සංගීත තරගාවලිය, "Steps" නර්තන තරගාවලිය, "Young Voices" කථික හා නිවේදන තරගාවලිය, "NovaMind" කෘතිම බුද්ධි (AI) නිර්මාණ තරගාවලිය, "Inkspire" සාහිත්‍ය තරගාවලිය, "Shutter Stories" ඡායාරූප තරගාවලිය, "Dream Canvas" චිත්‍ර තරගාවලිය සහ "Beyond Limits" ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වූ විශේෂ තරගාවලිය ඇතුළත් වේ.
අයදුම් කිරීම
අයදුම්කරුවන් 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
ලියාපදිංචිය අවසන් වූ පසු ලැබෙන ලියාපදිංචි විස්තර සහිත පෝරමය තරග පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන පැමිණිය යුතු අතර, නිර්මාණ භාරදිය යුතු තරග සඳහා එම පෝරමය සමඟ නිර්මාණ 2026 සැප්තැම්බර් 10 දිනට පෙර ජාතික තරුණ සේවා සභාව, මහරගම ප්‍රධාන කාර්යාලයේ සෞන්දර්ය කුසලතා අංශයට භාරදිය යුතුය.
තරග කාලසටහන
අයදුම්පත් භාර ගැනීම – 2026 ජූනි 20 සිට ජූලි 30 දක්වා
ප්‍රාදේශීය තරග – 2026 අගෝස්තු 01 සිට අගෝස්තු 30 දක්වා
දිස්ත්‍රික් තරග – 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වා
නිර්මාණ භාරදීමේ අවසන් දිනය – 2026 සැප්තැම්බර් 10
ජාතික තරග – 2026 ඔක්තෝබර් 01 සිට නොවැම්බර් 30 දක්වා
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ට 45 වන ජාතික යෞවන සම්මාන උළෙලේදී ජාතික සම්මාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.
ප්‍රථම වතාවට දිස්ත්‍රික් මට්ටමින් තරග පවත්වා, දිස්ත්‍රික් 25ට සම්මාන උළෙල 25ක් පවත්වා , ජාතික සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතය. 
වැඩි විස්තර සහ මාර්ගගත අයදුම්පත් සඳහා:
🌐 nysc.lk/youthawards

Read More

නව සයිබර් තර්ජන හමුවේ අප සුරක්ෂිතද?

June 26, 2026 0

 නව සයිබර් තර්ජන හමුවේ අප සුරක්ෂිතද? 






ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් 2026 ජුනි 25 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සඳහා සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ රාජ්‍ය අංශය තුළ නායකත්වය මූලික කරගත් සයිබර් ආරක්ෂණ පාලන පද්ධතියක වැදගත්කම තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මෙම වැඩසටහන සඳහා අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා තීරණ ගන්නා නිලධාරීන් සහභාගී වූහ.
වැඩසටහනේදී වර්තමාන සයිබර් තර්ජන, රාජ්‍ය ආයතන වලට බලපාන නව සයිබර් අවදානම් සහ රාජ්‍ය අංශයේ ආයතන තුළ ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. එමෙන්ම, සයිබර් ප්‍රහාරවල වැඩිවන සංකීර්ණත්වය සහ රජයේ තොරතුරු පද්ධති හා අත්‍යවශ්‍ය ඩිජිටල් සම්පත් ආරක්ෂා කිරීම සඳහා පූර්ව සුදානම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද සහභාගී වූ නිලධාරීන් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානයක් යොමු වූයේ ශක්තිමත් සයිබර් ආරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නායකත්ව භූමිකාව පිළිබඳවයි. ඒ අනුව, ආයතනික මට්ටමින් උපායමාර්ගික නායකත්වය ලබාදීම, ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති හා ප්‍රමිතීන්ට අනුකූලතාව සහතික කිරීම සහ සයිබර් අවදානම් කළමනා කරණය ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමේ වගකීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, අත්‍යවශ්‍ය තොරතුරු සම්පත් ආරක්ෂා කිරීම, තොරතුරු ආරක්ෂණ නිලධාරීන් (ISOs) සහ සහකාර තොරතුරු ආරක්ෂණ නිලධාරීන් (AlSOs) වෙත අවශ්‍ය සහයෝගය ලබාදීම, සයිබර් සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ සුදානම ශක්තිමත් කිරීම සහ සියලුම කාර්ය මණ්ඩලය අතර අඛණ්ඩ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ වගකීම සහ වගවීම් පිළිබඳව ද අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු වරුක දමුනුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතා වර්ධනය කිරීමේ ව්‍යාපෘති කළමනාකරු තිලින දිසානායක මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, වර්තමාන සයිබර් ආරක්ෂණ අභියෝග, යහපත් පාලන ක්‍රමවේදයන් සහ රාජ්‍ය ආයතන වල සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විධායක නායකත්වයේ උපායමාර්ගර්ගික භූමිකාව පිළිබඳව ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම සහභාගි වූවන් සමඟ බෙදා හදා ගන්නා ලදී.





Read More

National Youth Sports Fest 2026 ආරම්භ ය

June 06, 2026 0

 


National Youth Sports Fest 2026 ආරම්භ ය





National Youth Sports Fest 2026 ජූනි 6 වැනි දා සිට  සියලු කණ්ඩායමි තරඟ ආරම්භ විය. එහි ප්‍රථම තරග ඉසව්ව ලෙස බීච් වොලිබෝල් තරඟ මීගමුවේ  බීචි පාර්ක්හි පැවැත්වෙන බවත්, මෙම තරඟ අද සහ හෙට පැවැත්වීමට නියමිත අතර, දිවයිනේ දිස්ත්‍රික් 26 නියෝජනය කරමින් තරඟකරුවන් 104 ක් තරඟ වැදීමට නියමිතයි. මෙහි ආරමිභක උත්සවය සදහා මිගමුව මහ නගර සභාවෙි නගරාධිපති ජේෂ්ඨ නිතීඥ  රොබට් හින්කෙන්ද මහතා, ගම්පහ දිස්ත්‍රික් අතිරේක  ලේකම් ආසිරි වීරසිංහ මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන හා මානව සමිපත් කළමනාකරණ) මනුල චමල් පෙරේරා මහතා, මිගමුව මහ නගරසභාවේ මන්ත්‍රීවරුන්, ජාතික තරුණ සේවා සභාවේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ක්‍රීඩා  අජන්ත විජේතිලක මහතා  ඇතුළු කාර්‍ය මණ්ඩලය සහභාගි විය.
National  Youth Sports  Fest 2026
සමාප්ති උත්සවය එළඹෙන  ඔක්තෝබර් 30,31 සහ නොවැම්බර් 1 වැනිදා  ගරු  අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයයෙන් පැවැත්වීමට නියමිතයි.












Read More

සුභ නැකතට මේ වැඩය කරමු.

April 11, 2026 0

 අනතුරුදායක රියදුරන් කොටු කරන්න පොලීසියෙන් අලුත් WhatsApp අංකයක්!




යාලුවන්ට කියන්න ශෙයා කරන්න ආදරෙයි.ජීවිතයක්,පුවලක්,සුන්දර කැදැල්ලක් බේරා ගන්නට අලුත් අවුරුදදේ සුභ නැකතට මේ වැඩය කරමු. 
මාර් ග යේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවන පුද්ගලයින් පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට දැන් මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. පොලිස් මූලස්ථානය විසින් ඒ සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.
📲 තොරතුරු යොමු කළ යුතු අංකය:
070 4755 600
අනුගමනය කළ යුතු උපදෙස්:
අන්තරාදායක රිය ධාවනය ඇතුළත් වීඩියෝ දර්ශන පමණක් යොමු කරන්න.
වීඩියෝව සමඟ දිනය, නිශ්චිත ස්ථානය සහ පොලිස් වසම සඳහන් කිරීම අනිවාර්ය වේ.
විශේෂත්වය: මෙම සේවාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
මා ර් ග විනය රකින බුද්ධිමත් පුරවැසියෙකු ලෙස, අන්තරාදායක රියදුරන් පිළිබඳ තොරතුරු ලබාදී මා ර් ග  අනතුරු අවම කිරීමට ඔබත් සහාය වන්න!

මාධ්‍යවේදී 
සිහින සංකල්ප
Read More

අත්දැකීම් සහ තාරුණ්‍යයේ සුසංයෝගය: සජබය ජයග්‍රාහී මාවතට!

April 11, 2026 0

 අත්දැකීම් සහ තාරුණ්‍යයේ සුසංයෝගය: සජබය ජයග්‍රාහී මාවතට!




රට දිනවන බලවේගය ශක්තිමත් වෙයි - සජබ නව සභාපති ලෙස කබීර් වැඩ අරඹයි!
බෙදුණු දේශපාලනයට තිත: කබීර් පත්වීමෙන් සජබයේ ජාතික එකමුතුව තවත් තහවුරු වෙයි!
තනතුරු වලට නොව, වගකීම් වලට මුල් තැන දෙන දේශපාලන සංස්කෘතියක්! සමගි ජන බලවේගයේ නව සංවිධාන ව්‍යුහය රට දිනවන්නට සැරසෙයි.!
 සජබ නව සභාපති ලෙස කබීර් හෂීම් පත් කෙරේ
සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පා ර් ලි මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම සිදු කරනු ලැබීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන කබීර් හෂීම් මහතා මීට අමාත්‍ය ධුර රැසක් හොබවා ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
දිනන ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ තීරණාත්මක පියවරක් ලෙස මෙම පත්වීම සිදුකර ඇති බව දේශපාලන ආරංචි මා ර් ග  සඳහන් කරති.

මාධ්‍යවේදී 
සිහින සංකල්ප
Read More

Post Top Ad